ඇයි..

 ඇයි මම ආදරේ ..?


අපි ආදරේ කරන්න හේතුවක් තියෙන්නම ඕනිද..
හේතුවක් නැතුව ආදරේ කරන්න බැරිද..
එතකොට කවදහරි ඒ හේතුව නැතුව ගියාම අපි ආදරේ කරන එක නවත්තන්න ඕනිද..? ඔව්.
හේතුවක් නිසා ආදරේ කරන අයට එහෙම කරන්න වෙනවා.
මොකද එයාලා ආදරේ කරන හේතුව නැතුව ගියාම එයාලට ආදරේ කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

ඉතින් ඒකයි අහේතුකව ආදරේ කරන අයට ඒ ආදරේ අතාරින්න බැරි.

මොකද,
හේතුවක් නැතුව ආදරේ කරන අයට,
දාලා යන්නත් හේතුවක් ඇතිවෙන්නෙ නෑ.

ඇයි මම ආදරේ කියන ප්‍රශ්නෙ ඉස්සරහදි ඔයා නිරුත්තර වෙනවා නම්.
ඒ ආදරේ අතාරින්න හේතුත් ඔයා ගාව තියෙන්න බෑ.

-සඳලිකා

Comments