මඟහැරුණු ඇස්

 

හැමදාම හමුවෙලා මඟ ඇරපු බොරපාට ඇස්

දවසක් දෙකක් දකින්න නැති වෙනකොට,

හිතට දැනෙන පාළුවත් එක්කම

මං  ඒ මඟ ඇරපු ඇස් හොයන්න ගන්නවා..

එහෙම බලන් ඉදලා ඒ ඇස් මුණගැහුනු දවසට

අපි ඇස් වලින් විතරක් හිනා වෙනවා

ඒ හිනාවත් එක්ක හිතේ තිබ්බ පාළුව මැකිලා ගිහින් මොකද්දෝ අමුතු හැඟීමකින් හිත පිරිලා යනවා.. 


එදායින් පස්සේ හමුවෙන එක මොහොතක්වත්  මඟඅරින්නෙ නැතුව අපි ඇස් වලින් ගොඩක් දේවල් කතා කරනවා..



ඔව්..

ඒක හිත් වලින් ගැලවිලා,

ඇස් වලින් ලියවෙච්ච තවත් එක කතාවක්. 


-සඳලිකා

26.10.2020

Comments