අමාවක


 තරු සමග තරගයට 

හිනැහෙමින් හැම රැයම

වෙර දරයි කියන්නට

ඔබේ ලෙන්ගතු පුවත


"දහස් තරු කැට වලින් 

එකළු කල නොහැකි වූ

මමයි ඒ සඳ කිරණ 

කළු අහස එකළු කල"


පසක් කල නොහැකි තැන

සදත් ඔහෙ බැස යාවි

සඳක් නැති රෑ අහස

අඳුරු බව කියන්නට


-සඳලිකා



Comments